Release
Dead Space
Dead Space 01 & Relese
ReleaseHorror Legend 🔸 Dead Space Series එකේ පලවෙනි කතාංගය විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. මේ ගේම් එක Survival Horror ගේම් එකක්. ඒ වගේම ලෝකයේ බිහිවුනු විශිෂ්ටතම Horror Gaming Series එකක් තමයි Dead Space කියන්නේ. ඒ වගේම Dead Space Series එක ඇවිල්ලා Multimedia Franchise එකක්. ඒ කියන්නේ Dead Space ගේම් Series එකට අමතරව Comics සහ Animations වගේ දේවල් මේ ගේම් Series එක ඇසුරින් නිර්මාණය වුණා. Story, Characters & Places 🔹 ඉංජිනේරුවෙක් වුනු Isaac Clarke තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ. ඒ වගේම Necromorphs නැමැති විරූපී ජීවීන් කොට්ඨාසයක් තමයි මේ ගේම් එකේ ඔහුට සිටි ප්‍රධානම සතුරන් වුනේ. ඒ වගේම USG Ishimura නැමැති අභ්‍යවකාශ යානය තමයි මේ ගේම් එකේ ප්‍රධාන ස්ථානය වුනේ. 🔸 ක්‍රිස්තු වර්ෂ 2508 දී අභ්‍යවකාශය තුල සිදුවන්නාවූ ක්‍රියාදාමයක් ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක හදලා තියෙන්නේ. මේ Story එකට අනුව ඔය කාලය වෙද්දී මිනිසා විසින් විශ්වය පුරාම තිබුනු එක එක ග්‍රහලෝක වල ජනාවාස ඇතිකරගෙන තමයි හිටියේ. 🔹 Aegis VII නැමැති ග්‍රහයාගේ කැණීම් කරන අතරතුරදී හමු වූ Red Marker නැමැති පුරාණ මෙවලම රැගෙන යාමට පැමිණි USG Ishimura නැමැති අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩලයට සිදු වූයේ කුමක්දැයි සොයා බැලීම සඳහා Kellion නැමැති තවත් යානයක් Aegis VII ග්‍රහලෝකය වෙත පැමිණෙනවා. 🔸 මේ Kellion කියන යානයේ තමයි Isaac ඉන්නේ. Ishimura යානයේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් වුනු තම පෙම්වතියව සහ Red Marker නැමැති මෙවලම සොයා ඔහු සිදුකරන්නා වූ ක්‍රියාදාමයන් සහ Necromorphs නැමැති ජීවීන්ගෙන් තම ජීවිත බේරා ගැනීම සඳහා ඔහු සහ ඔහුගේ කණ්ඩායම සිදු කරන්නාවූ සටන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තියෙන්නේ. ඒ වගේම ඉතාමත් සීමිත චරිත සංඛ්‍යාවක් යොදාගෙන තමයි මේ ගේම් එකේ Story එක හදලා තිබුනේ. Gameplay 🔹ඇත්තටම මේ ගේම් එකේ තියෙන්නේ ටිකක් බය හිතෙන Gameplay එකක්. ඒ නිසාම සමහරක් අය මේ ගේම් එක Play කරන්න ටිකක් අදි මදි කරනවා. අනිත් එක මේ ගේම් එක Play කරන්න නම් ටිකක් මොළය වෙහෙසන්න වෙනවා. මොකද මේ ගේම් එක Shooting ගේම් එකක් විතරක්ම නෙමෙයි. විවිධාකාර වූ Puzzles නිරාකරණය කරමින් ඉදිරියට යා යුතු ගේම් එකක් තමයි Dead Space කියන්නේ. ඒ වගේම අනිත් Shooting ගේම්ස් වලට සාපේක්ෂව උණ්ඩ සහ අනිකුත් මෙවලම් ඉතාමත් සීමිතව තමයි ක්‍රීඩකයාට සපයලා තිබුනේ. 🔸 Kinesis සහ Stasis නැමැති විශේෂ හැකියාවන් දෙකක් භාවිතා කිරීමේ අවස්තාව මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. Kinesis නැමැති හැකියාවෙන් අවට ඇති වස්තූන් ස්පර්ශයකින් තොරව එහා මෙහා කිරීමේ අවස්තාව ක්‍රීඩකයාට ලැබුනා. ඒ වගේම Stasis නැමැති හැකියාවෙන් සජීවී වස්තූන්හි චලන වේගය මන්දගාමී කරන්නටත් පුලුවන් වුණා. ... Game Guide 🔹 මේ ගේම් එකේ විවිධාකාර හැකියාවන් සහිත Necromorphs වර්ග හුඟක් ඉන්නවා. ඇත්තටම බොහෝමයක් Shooting ගේම්ස් වල ක්‍රීඩකයාගේ දක්ශතාවය මනින ක්‍රමයක් තමයි Head Shot කියන්නේ. හැම සතුරෙක්වම Head Shot එකකින් මරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන්නේ සැබෑම දක්ශයෙක්. ඒත් මේ ගේම් එකේනම් ඒ ක්‍රමය භාවිතා කරන්න බැහැ. මොකද Necromorphs ලා කියන්නේ හිසට වෙඩි තැබීමෙන් දුර්වල කල හැකි ජීවීන් කොට්ඨාසයක් නෙමෙයි. එයාලගේ හිසට වෙඩි පහරක් එල්ල කලොත් එයාලා තවත් වියරු වැටිලා ඉතා දරුණු ක්ෂණික ප්‍රහාරයක් Isaac වෙත එල්ල කරනවා. ඒ නිසා මේ ජීවීන්ව දුර්වල කරන්න ඕනේනම් එයාලගේ Limbs වලට, ඒ කියන්නේ ගාත් වලට තමයි මුලින්ම වෙඩි තියන්න ඕනේ. Special Facts 🔹 ලෝක ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ කෘතීන් රචනා කල Isaac Asimov සහ Arthur C Clarke යන රචකයින් දෙදෙනාට උපහාරයක් පිණිස තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතයට Isaac Clarke යන නම යොදාගෙන තිබුනේ. 🔸 Silent Hill, Resident Evil 4 සහ System Shock 2 කියන Horror ගේම්ස් අධ්‍යනය කිරීමෙන් පසු මේ ගේම් එකේ Gameplay එක නිර්මාණය කල යුතු ආකාරය පිලිබඳ දළ අදහසක් ලබා ගැනීමට EA Redwood කණ්ඩායමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ගේම් එකේ Gameplay එක නිර්මාණය කිරීම සඳහා Alien, Event Horizon, Martyrs, Solaris, Escape From New York, The Shining සහ Sunshine කියන චිත්‍රපට පවා අධ්‍යනය කල බවයි ඔවුන් පසුව සඳහන් කරලා තිබුනේ. කොහොම වුනත් මේ ගේම් එක Release වුනාට පස්සේ සමහරක් විශ්ලේෂකයෝ මේ ගේම් එක හැඳින්වූයේ Resident Evil In Space යන නමින්. 🔹 Zero Gravity Locations හෙවත් ගුරුත්වාකර්ෂණය නොතිබුණු ස්ථාන නිර්මාණය කිරීම තමයි මේ ගේම් එකේ Developer Team එකට තිබුන ලොකුම අභියෝගය වුනේ. මොකද මේ ගේම් එකේ Gameplay එකට Zero G කලාප හුඟක් ඇතුලත් කරලා තිබුනා. එවැනි අවකාශයක් තුල චලනයන් සිදුවන ආකාරය නිවැරදිව සොයාබැලීම සඳහා අභ්‍යවකාශය තුල ගුරුත්වාකර්ෂණ නියමයන් සිදුවන්නේ කෙසේද යන වග පිළිබඳව පර්යේෂණයක් කරන්නත් ඔවුන්ට සිදුවුණා. ඒ වගේම මේ ගේම් එකේ Music නිර්මාණය කිරීම සඳහා පමණක් මාස පහකට අධික කාලයක් වැය වුනු බව තමයි Developer Team එක වරෙක සඳහන් කරලා තිබුනේ. Release 🔸 ඇත්තටම Electronic Arts Team එකේ මුල්ම අදහස වෙලා තිබුනේ System Shock Series එකේ තුන්වෙනි ප්‍රධාන කතාංගය විදිහට මේ ගේම් එක නිර්මාණය කරන්නයි. කොහොම හරි ටික කාලයක් යද්දී ඒ අදහස වෙනස් වෙලා Rancid Moon යන නමින් ගේම් එක Release කරන්න ඔවුන් බලාපොරොත්තු වුණා. ඒත් අන්තිමට ඒ නමත් වෙනස් කරලා Dead Space නමින් ගේම් එක Release කරන්න ඔවුන් තීරණය කලා. 🔸 ඇත්තටම මේ ගේම් එක Release වුනු මුල් දවස්වල කවුරුත් මේ ගේම් එක Play කරන්න එච්චර උනන්දුවක් දැක්වූයේ නෑ. ඒත් ටික දවසක් යද්දී මේ ගේම් එක ගැන ධනාත්මක Reviews හැම තැනකින්ම එන්න පටන් ගත්තු නිසා කවදාවත් Horror ගේම්ස් Play කරපු නැති අය පවා මේ ගේම් එක Play කරන්න යොමු වුණා. Special Edition 🔹 මීට අමතරව Dead Space : Ultra Limited Edition නමින් සීමිත පිටපත් දහසක් නිකුත් කරන්නටත් Electronic Arts ආයතනය කටයුතු කලා. මේ Edition එකට Dead Space ගේම් එකට අමතරව Dead Space : Downfall නැමැති Animation චිත්‍රපටය සහ Dead Space චිත්‍ර කතා පෙල ඇතුලත් වෙලා තිබුනා. චිත්‍ර කතා පෙල හරහා Aegis VII ග්‍රහලෝකය තුලින් Red Marker නැමැති මෙවලම හමු වූ ආකාරයත්, Animation චිත්‍රපටය හරහා USG Ishimura යානය විනාශ වූ ආකාරයත් පෙන්වා දී තිබුනා. Sales & Awards 🔸කෙසේ වෙතත් අවසානයේදී Best Sound Edit, Best Sound Effects, Best Sound, Best Audio, Best Texture, Best Horror Game, Best Animation, Best Camera Direction, Best Action Game ඇතුළු අන්තර්ජාතික සම්මාන රාශියකින් පිදුම් ලබන්නට මේ ගේම් එක සමත් වෙනවා. 🔹2009 වර්ෂය වනවිට මේ ගේම් එකේ Original Copies මිලියනයක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. ඒ වගේම Gratest Video Games of All Time ලේඛනයට ඇතුලත් වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා.